Tuesday, April 19, 2016

Food Colors

අහාර වර්ණක 

පෙර ලිපියේ සඳහන් කල පරිදි , එම ලිපියේ ඉතිරි කොටස තමා මා අද ඉදිරිපත් කිරීමට යන්නේ.
පෙර ලිපිය ඔබ කියවා ඇත්නම් ඔබට යම් අවබෝදයක් ඇති මොනවද මේ අහාර ආකලන (food additives) කියන්නෙ යන්න පිළිබඳව. ඒ වගේම E අංක පිළිබඳවත්. එම ලිපිය කියවා නොමැති නම් මෙතනින් එම ලිපිය කියවන්න >>> Food Additives .

E අංක පිළබඳ නැවත පොඩි අවබෝදයක් ලබා දෙන්නම්. සුරක්ෂිතතා පරීක්ෂණයකට භාජනය වුනු යුරෝපා එකමුතුව (European Union-EU) විසින් අනුමත කරන ලද අහාර ආකලන වලට ලබා දී ඇති නිර්දේශ අංක තමා මේ E අංක කියන්නෙ. මෙම E අංක අදාල ආකාලනයට අනන්‍ය වූ අංකයකි. අහාර ආකලන කියන්නෙ අහාර නිෂ්පාදනයේදී එයට බාහිරින් යොදන ද්‍රව්‍යයන් වලටයි. ඉතින් එම ලිපියෙන් මා ඔබට පැහැදිලි කරනු ලැබුවේ මෙම ආහාර ආකලන පිලිබඳ අවබෝදයක් ලබා සිටීම කොපමණ වැදගත් ද යන්න පිළිබඳවයි. අද මා ඔබට පැහැදිලි කිරීමට යන්නෙ කුඩා දරුවන්ට අහාර ලබාදීමේදී සැලකිලිමත් විය යුතු ආහාරවල අඩංගු අහාර ආකලන වර්ග කිහිපයක් පිළිබඳවයි.  මෙම අහාර ආකලන ඔබගේ දරුවා ගන්න අහාර වල අඩංගු වේ නම් එය ගැටළු කාරී විය හැකිය.  ඔබගේ දරුවා අතික්‍රියාශීලි ලක්ෂණ පෙන්වනවා නම් සොයා බලන්න දරුවා ගන්නා අහාර වල පහත සඳහන් අහාර වර්ණක තිබෙනවාද කියා,

  • sunset yellow (E110)
  • quinolin yellow (E104)
  • carmoisine (E122)
  • allura red (E129)
  • tartrazine (E102)
  • ponceau 4R (E124)


මෙම අංක වලට අදාල  වර්ණක බහුලව යොදා ගන්නවා පැණිබිම (soft drinks), රසකැවිලි(sweets), කේක්(cakes) සහ අයිස් ක්‍රීම් (ice cream) යන අහාර වර්ග සඳහා. මෙම වර්ණක අඩංගු අහාර කුඩා දරුවන් ආහාරයට ගැනීම තුලින් ඔවුන් අතික්‍රියාශීලි ලක්ෂණ පෙන්වීමට හැකියාවක් පවතිනව.ඉතින් ඔබගේ දරුවා ගන්නා අහාර වල අහාර ලේබලය කියවා බලන්න ඉහත සඳහන් වර්ණක එම අහාර වල අඩංගු වනවාද කියා.

මෙම වර්ණක ලැයිස්තුව ඉදිරිපත් කරන ලද්දේ අහාර ප්‍රමිති ඒජන්සිය (FSA) විසිනි.



EmoticonEmoticon