Monday, August 8, 2016

Breast Milk Hand Expression Lesson

පියයුරු නිවැරදිව සම්භාහනය කිරීම සහ අමතර කිරි ඉවත් කිරීමේ ක්‍රම


අද වන විට ගොඩක් කාන්තාවන්ට ඇති වන ගැටළුවක් තමා පියයුරු පිළිකා ඇතිවීම. මේ සදහා විවිද හේතු බලපානව. නුසුදුසු රුපලාවන්‍ය ක්‍රම, ඉතා තද යට ඇදුම් නිතරම භාවිත කිරීම, අහාර පුරුදු, පවුල් සම්භවයෙන් පැමිණීම. පියයුරු පිළිකා යනු අනෙක් පිළිකා මෙන් නොව මුලින්ම සොයා ගත්තොත් සුව කරගත හැකි රෝගයකි. නමුත් එහිදී ඔබට ඔබගේ පියයුරු ඉවත් කිරීමට බොහෝවිට සිදුවනු ඇත. ඉතින් හොදම දේ තමා පියයුරු පිළිකා වැළදීමෙන් වැලකි සිටීමටය. ඒ සදහා එක් අවධානය යොමු කල යුතු ක්‍රමයක් තමා අද දැනුවත් කරන්න යන්නෙ.

පියයුරු පිළිකා ඇතිවීමට තවත් එක් හේතුවක් තමා ක්ෂීර ග්‍රන්ථි වල කිරි කැටි ගැසීම. සාමාන්‍යයෙන් ක්ෂීර ග්‍රන්ථි වල කිරි ඉතුරු වෙනව. මේම කිරි කැටි ගැසුණු පසු ඉවත් කිරීම ඉතා අපහසු ක්‍රියාවකි. දරුවාට හැකියාවක් නැහැ සියලුම කිරි පානය කිරීමට. ඉතින් ඔබට සිදු වනව එම  කිරි ඉවත් කිරීමට දරුවාට කිරි දුන් පසු. නැතහොත් එම කිරි කැටි ගැසී වේදනාවක් ඇතිවීමටත් පසු කලක පියයුරු පිළිකා ඇතිවීමටත් ඇති අවදානමත් වැඩි වනව. ඉතින් මේ සදහා නිවැරදිව කිරි ඉවත් කරන විදිය ගැන පහත ඇති වීඩියෝ දෙක හරහා ඔබට ඉගෙන ගත හැක. පළමු විඩියොවෙන් ඔබට පෙන්වන්නෙ කෙසේද සම්භාහනය මගින් පියයුරු උත්තේජනය කරගන්නෙ කෙසේද කියා. දෙවැනි විඩියොවෙන් ක්ෂිරය ඉවත් කරගන්න ආකාරය ඉදිරිපත් කරයි. මෙය අධ්‍යාපනික වීඩියෝ පාඩමක් වුවත් අවුරුදු 18 ට අඩු අය නැරඹීමෙන් වලකින්න කියා ඉල්ලනව.


EmoticonEmoticon