Friday, March 11, 2016

Cellphone Radiation

ජංගම දුරකථන විකිරණයෙන් මිදෙන්න කරුණු 5ක්

අද වන විට ජංගම දුරකථනය පුදගලයින්ට නැතුවම බැරි මෙවලමක් වී හමාරය. එනම් ජංගම දුරකථනය අපගේ එදිනෙදා කටයුතු කරගෙන යෑමේදී අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත් වී ඇත. ශ්‍රී ලංකාව තුලත් අද වන විට ජංගම දුරකථනය ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වී ඇත. නවතම කරන ලද සමීක්ෂණ වලට අනුව පෙනී ගිය කරුණක් තමා ශ්‍රී ලංකාවේ ජීවත් වෙන බොහෝ පුද්ගයලන්ට ජංගම දුරකථන එකකට වඩා හිමි බවයි. ඒ තරමටම අපගේ දෛනික දින චර්යාව ජංගම දුරකථනය සමඟ බැදී ඇත.

නමුත් ජංගම දුරකතනයෙන් විකිරණ නිකුත් වෙන බව බොහෝ පුද්ගලයින් නොදන්නා කාරණාවකි. මෙම විකිරණ ප්‍රමාණය දේහයට අහිතකරද නැද්ද යන්න පිළිබඳව කාලයක් වාද විවාද පැවතුණු කරුණක් විය. නමුත් දැන් හෙළි වී තිබෙන කරුණු අනුව පෙනී යන්නේ මෙම විකිරණ ප්‍රමාණය දේහයට අහිතකර බවයි. ඔබ ජංගම දුරකථනයට නිරාවරණය ප්‍රමාණය ඉතා ඉහළ වීම අනුව ඉතා දරුණු රෝග වන ලියුකේමියා, තයිරොයිඩය ආශ්‍රිත පිළිකා, පෙනහළු පිළිකා, පියයුරු පිළිකා වැනි රෝග ඇතිවීමට සම්භාවිතාවක් පවතිනව. නමුත් අපට කිසිදාක කල නොහැක්කක් තමා ජංගම දුරකථනය භාවිතයෙන් ඉවත් කිරීම. ඉතින් මා මෙහි දක්වා ඇත්තේ ජංගම දුරකථනය භාවිතයේදී ඔබ ඉතා සැලකිලිමත් විය යුතු කරුණු 5කි.

නිතරම speaker එක හෝ headset එක භාවිතා කරන්න

දුරකථන සංවාදයක සිටින විට නිතරම උත්සහ කරන්න ඔබගේ කනට එක එල්ලේම දුරකථනය සම්බන්ධ වීම වැලක්වීමට. නිතරම උත්සහ කරන්න වයර් රහිත(wireless), වයර් තිබෙන(wired) headset එකක් භාවිතා කිරීමට call එකක් ගන්නකොට. නමුත් හොදින් සැලකිලිමත් වෙන්න එම උපකරණය call එකෙන් පසුව ඔබගේ කනෙන් ඉවත් කිරීමට. හැකි තරම් උත්සාහ කරන්න ඔබට පහසු නම් call එකක් ගැනීමට ජංගම දුරකතනයේ speaker (handfree) භාවිතා කිරීමට.

දේහයට ඈතින් රදවා තබන්න

smart phone කරලියට පැමිණීමත් සමඟ ජංගම දුරකථනයෙන් ක්‍රීඩාවන් කිරීමට බොහෝ තරුණ තරුණියන් හුරු වී තිබෙනව. මෙම කරුණ නිසා ඔවුන් දුරකථන සංවාදයක යෙදී නොසිටන අවස්ථාවේදී පවා ජංගම දුරකථනයට ඉතා සමීපව සිටිනව. මේ නිසා දුරකථනයෙන් පැමිණෙන විකරණ වලට ඔවුන් බොහෝ සෙයින් නිරාවරණය වනව. එබැවින් මෙම කාරණාව සලකාබලා ඔබට හැකි තාක් ඔබගේ දේහයට ඈතින් තිබෙන පරිදි ජංගම දුරකථනය රදවා තබන්න
.

කොට්ටය යට හෝ සාක්කුවේ රදවා තබන්න එපා

බොහෝදෙනා සිතනවා ඔබ ජංගම දුරකථනය භාවිතා නොකරණ විට විකරණ නිකුත් වන්නෙ නෑ කියල. නමුත් එය තවමත් වරින්වර සංඥා යවනව ලඟම තිබෙන දුරකථන සංඥා කණුවට, දුරකථන සමබන්දත්වය පවත්වා ගැනීමට. ඉතින් විකිරණ නිකුත් දිගින් දිගටම සිදු වීමට හැකියාවක් පවතිනව. ඔබට ඔබගේ ජංගම දුරකථනය ඔබගේ කොට්ටය යටින් තබා ගැනීමට අත්‍යවශ්‍ය නම් දුරකථනය ක්‍රියා විරහිත කිරීමට හෝ airplane mode යෙදීමට වග බලා ගන්න. airplane mode යෙදීමෙන් දුරකථනයේ සංඥා සම්ප්‍රේෂණය නවතිනව.

කෙටිපණිවිඩ වැඩියෙන් කතාව අඩුවෙන්

හැකි තරම් voice call ප්‍රමාණය අඩු කොට කෙටි පණිවිඩ යැවීම මඟින් සන්නිවේදනය කිරීමට උත්සහ කරන්න.

දුරකථන සංඥා වැඩි විට භාවිතා කරන්න

ඔබගේ දුරකථනයේ සංඥා කණු පෙන්වීම අඩු විට එය තදින් උත්සහ කරනව විකාශය වන සංඥා හසු කර ගැනිමට. නවතම සොයාගැනීම් අනුව පෙනී ගොස් තිබෙනව දුරකථන සංඥා අඩුවන විට දුරකථනයේ විකරණ නිකුත් වීම ඉහළ යන බව. එබැවින් හැකිතාක් උත්සහ කරන්න දුරකථන සංඥා වැඩි විට දුරකථනය භාවිතා කිරීමට.

සමහර විට ඔබට බියක් ඇති වෙන්නත් පුළුවන් මෙම කරුණු දුටුවම. නමුත් මෙම විකරණ නිකුත් වීම ඉතාම සුළු ප්‍රමාණයක් වෙනව. ගැටළුවක් මතු වන්නෙ ඉතා දිගු කාලයක් ඔබ එම විකිරණ වලට නිරාවරණය ප්‍රමාණය අනුවයි. එම නිසා හැකිතාක් උත්සහ කරන්න ඉහත කරුණු අනුගමනය කිරීමට. දුරකථන භාවිතා කිරීමට බිය වන්න එපා එය නිසි අයුරින් පරිහරණය කරන්නේ නම් කිසිදු ගැටළුවක් මතු වන්නෙ නැත.


EmoticonEmoticon