Wednesday, June 22, 2016

Mount Everest ISN'T the highest mountain in the world

ඇත්තටම ලොව උසම කන්ද එවරස්ට් ද ?

අද මන් පල කරන ලිපිය වෙනස්ම වූ මාතෘකාවක් පදනම් කරගෙන තමා ලියන්නෙ. එය නම් ලොව උසම කන්ද පිලිබඳවය. ඔබ මා කුඩා කල සිටම පාසලේදී මෙන්ම සෑම තැනකදීම ඇසුන දෙයක් තමා ලොව උසම කන්ද නේපාලයේ පිහිටි එවරස්ට් කන්ද කියා. නමුත් විද්‍යඥයන්ගෙ නවතම සොයා ගැනීම් වලට අනුව ලොව උසම කන්දට හිමි ස්ථානය එවරස්ට් කන්දට අහිමි වී තිබෙනව. ඒ කියන්නෙ පෘතුවියේ උසම තැන නැතහොත් අභ්‍යවකාශයට පෘතුවියේ වඩාත්ම ලඟ ස්ථානය, එවරස්ට් කඳු මුදුන නොවන බවට විද්‍යඥයන් සොයාගෙන තිබෙනව.

එසේ නම් මොකක්ද ලොව උසම ස්ථානය ? සමකයට වඩාත්ම ආසන්නව පිහිටි, ඉක්වදෝරයේ පිහිටි චිම්බොරාසෝ (Chimborazo) කන්දෙහි මුදුනු තමා, සොයා ගෙන ඇති අන්දමටම පෘතුවියේ උසම ස්ථානය. නමුත් මුහුදු මට්ටමේ සිට උස බැලුවොත් එවරස්ට් කන්ද මීටර් 8,848 ක් උසයි. ඒවගේම චිම්බොරාසෝ කන්ද රැගෙන බැලුවොත් එය මුහුදු මට්ටමේ සිට උස මිටර් 6,268 කි. එසේ නම් කොහොමද එවරස්ට් කන්ද මිටි වන්නෙ.

මේ කඳු දෙකෙහි උස පෘතුවියේ හරි මැද නැතහොත් පෘතුවියේ කෙන්ද්‍රයයේ සිට බැලුවොත් නිවැරදිම උස ස්ථානය සොයාගන්න පුළුවන්. මොකද මුහුදු මට්ටම කියන දේ එකම මට්ටමක පවතින්නෙ නැ ලෝකය පුරාම එය වෙනස් වනව. එම නිසා මුහුදු මට්ටමේ සිට වැඩිම උසක් ඇති කන්ද එවරස්ට් උනාට ලොව උසම ස්ථානය පවතින්නෙ එවරස්ට් කඳු මුදුන මත නොවේ. එය පවතින්නෙ චිම්බොරාසෝ කදු මුදුන මතය. පෘතුවි කේන්ද්‍රයේ සිට උස ගත් විට චිම්බොරාසෝ කන්ද එවරස්ට් කන්දට වඩා සැතපුම් 1.5 ක් උසයි. පොඩි වෙනසක් තිබෙන්නෙ. නමුත් මෙය තමා නවතම හෙළිදරවුව. පහල ඇති වීඩියෝවෙන් ඔබට වැඩිදුරටත් විස්තර බලා ගැනීමට හැකියව තිබෙනව.








EmoticonEmoticon