Monday, June 27, 2016

How to Use Female Condom


ලිංගික සංසර්ගයක් සිදු කිරීමේදී අනවශ ගැබ් ගැනීම් වලක්විමට බොහෝ දෙනා විවිධ උපත් පාලන ක්‍රම භාවිතා කරනව. මින් ප්‍රධාන ක්‍රම තමා උපත් පාලන පෙති, උපත් පාලන කොපු (condoms), ඒ වගේම ස්වභාවික ක්‍රමය.නමුත් ලිංගික රෝග වැළදීමෙන් ආරක්‍ෂා වීමත් සලකල බැලුවොත් වඩාත්ම සාර්ථක ක්‍රමය වන්නෙ condom භාවිතා කිරීමය. නමුත් බොහෝ දෙනා නොදන්නා කරුණක් තමා condom වර්ග දෙකක් තිබෙන බව.ඉතින් කාන්තාවකට වඩාත්ම සුදුසු මෙම කුමන වර්ගයද?

පුරුෂ උපත්පාලන කොපු මෙන්ම කාන්තා උපත් පාලන කොපු ද ගැබ් ගැනීමෙන් වැලකි සිටීමට උපකාරී වනව.නමුත් බොහෝ දෙනා දන්නෙ මෙය කෙසේද භාවිතා කරන්නෙ කියා.

උපත් පාලනය

සාර්ථක උපත් පාලනයක් හරි ලිංගික ආරක්ෂාව (safe sex) සලකල බැලුවොත් පිරිමි උපත් පාලන කොපු තමයි. විසදුම. නමුත් කාන්තා උපත් පාලන කොපු වලටද  ඒ වගේම හැකියාවක් මෙන්ම  භාවිතයේදී කාන්තාවට වඩාත් සුවපහසුවක් අත්කරදීමට හැකියාවක් පවතිනව.

මොකක්ද මේ කාන්තා උපත් පාලන කොපුවක් කියන්නෙ?

මෙම උපත් පාලන කොපුව කුඩා පොලිතින් උරයක් වැනිය. ඒ වගේම එය උපකාරී වනව ලිංගික බෝවන රෝග ඇති වීමේ අවදානම අඩු කිරීමටත්, අනවශ්‍ය ගැබ් ගැනීම වලක්විමටත්.

එයට මොන වගේ පෙනුමක්ද තියෙන්නෙ?


දෙපැත්තෙන්ම මුදු වැනි රවුම් දෙකක් පවතින කුඩා මල්ලකි. එහි එක මුදුවක් විවුර්තව පවතින විට අනික් පසෙහි ඇති මුදුව වැසි පවතිව. ලිංගික සංසර්ගයට පෙර එය ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුලත් කල යුත්තේ විවුර්ත පසෙහි ඇති මුදුව යෝනි විවරයෙන් පිටතට පවතින ලෙසය. එවිට යෝනිය ඇතුලත පවතින මුදුව මගින්, කුඩා මල්ල වැනි කොටසට ඉඩ ලබාදෙනවා සංසර්ගයේදී දේහයට අනුව හැඩගැසීමට.

කොහමද එය ක්‍රියා කරන්නෙ?

කාන්තා උපත් පාලන කොපු මඟින් උපකාරී වනව එය භාවිත කරන කාන්තාවට ලිංගිකව බෝවන රෝග වලින් ආරක්‍ෂා වීමට සහ අනවශ්‍ය දරු ගැබ් ගැනීම් වැලැක්වීම සදහාත්.

එය භාවිතා කරන්න පහසුද?

කාන්තා උපත් පාලන කොපු, පුරුෂ උපත් පාලන කොපු තරම් භාවිතා කිරීමට පහසු නැ. නමුත් කිහිප විටක් භාවිත කරන විට ඔබට එය ඉබේම පහසු වෙයි. අමුත්තක් දැනුනත් පළමුව භාවිතා කරන කිහිප විටක පසුව කාන්තා කොන්ඩම් භාවිතය ඉතාමත් පහසු බව ඔබටම හැගේවි.

සාර්ථකත්වය  

එය නිවැරදිව භාවිතා කරනව නම් කාන්තා උපත් පාලන කොපු තමයි අනවශ්‍ය ගැබ් ගැනීම වැලක්වීමට සාර්ථකම විසදුම. ඒවගේම එහි අසාර්ථක වීමේ ප්‍රතිශතය 5% කටත් වඩා අඩු මට්ටමකයි පවතින්නෙ. එය පුරුෂ කොපුවක 10% වැනි අගයක් ගන්නවාය.



EmoticonEmoticon