Tuesday, January 26, 2016

පිළිකා මර්ධනය කරන විශ්මිත ආහාර

වර්තමානය වන විට අප රට තුල පමණක් නොව ලොව පුරා පවා කතා කිරීමට බිය මාතෘකාවක් ලෙස පිළිකාව පත් වෙමින් පවතිනව. අතීතයේ මෙන් නොව වර්තමනය වන විට පිළිකාවට ගොදුරු වන ජිවිත සංඛ්‍යාවද දිනෙන් දින ඉහල යමින් පවතිනව. මේ සදහා බොහෝ සෙයින් හේතු වන්නේ කාලයත් සමග වෙනස් වන මිනිසුන්ගේ ජීවන හා ආහාර රටා කිවුවොත් මා නිවැරදි. ඉතින් මෙවැනි වකවානුවක පිළිකාව පිළිබද අවබෝදයක් ලබා ගෙන සිටීම, අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වී තිබෙනව.


පිළිකාවක් යනු කුමක්ද?

පිළිකාව යනු, රෝග 100ක් පවා ඉක්මවන රෝග සමුහයකට පවසන පොදු නමකි. විවිධ ආකාර වල පිළිකා පවතිනව, නමුත්  මෙම සියලුම පිළිකා ආරම්භ වෙන්නෙ පාලනයකින් තොර සිදුවන අසාමාන්‍ය සෛල වර්ධනය වීමත් සමගයි. ඒ වගේම නිසි කල්හිදී නියමිත ප්‍රතිකාර නොකෙරුවොත් පිළිකාව මරණයට පවා හේතු වන බව කිව යුතුම කරුණක්.

යම් කෙනෙකුට බියක් පවා ඇති වෙන්න පුළුවන් මෙවැනි කාරණා දකින විට. නමුත් අප සියලු දෙනාට මේ වෙනුවෙන් කල හැකි කාරණාවක් පවතිනව. එනම් අපට හැකියාවක් පවතිනව  පිළිකාවක් වැළදීමට පවතින සම්භාවිතාව අඩු කර ගැනීමට. ඉතින් මෙවැනි තත්වයක් තුල ඒ පිළබද නිසි අවබෝදයක් ලබාගෙන සිටීම ඉතා වැදගත් කරුණක්.

විද්‍යානුකුලව පෙනී ගිය කරුණක් තමා ප්‍රතිඔක්සිකාරක සංයෝග වලට හැකියාවක් පවතින පිළිකා වැළදීමේ සම්භාවිතාවය අඩු කිරීමට. ප්‍රතිඔක්සිකාරක වලට හැකියාවක් පවතිනව, නිදහස් රැඩිකල් ( free radical ) නමින් හදුන්වන අස්ථායි අණු වලින් සෛල වලට ඇති වන හානිය වැලක්වීමට. මෙම free radical වලින් සිදුවන හානිය  හේතු වනව පිළිකා සෛල ඇතිවීමට. මෙම ප්‍රතිඔක්සිකාරක වලින් කරන්නෙ අස්ථාවර නිදහස් රැඩිකල් සංයෝග සමග අන්තර්ක්‍රියා කොට එම අණු ස්ථාවර කිරීම තුලින් සෛල වලට සිදු වන හානිය අවම කිරීමය. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ලෙස විටමින් C (ඇස්කොබික් අම්ලය)විටමින් E දක්වන්න පුළුවන්. මෙම සංයෝග පහසුවෙන්ම අප දේහය තුලට ආහාර මගින් ලබා ගැනීමට හැකියාව පවතිනව.

පිළිකා අවධානම අඩු කර ගත හැකි ආහාර


නිවිති



සමහරවිට ඔබ දන්නව ඇති lutein නමැති ප්‍රතිඔක්සිකාරක සංයෝගය පිලිබදව, මෙම සංයෝගය ඔබගේ ඇස් වල සෞඛ්‍යයට පවා වැදගත් වන සංයෝගයක්. ඒ වගේම මෙය පිළිකා මර්දනය කිරීමට හේතු වන ප්‍රතිඔක්සිකාරක සංයෝගයක්ද වනව. නිවිති වල මෙම lutein සංයෝගය බහුල ආහාරයක් වනව.

 සුදුළුණු



සුදුළුණු වල, අපගේ දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ඩතිය උත්තේජනය කිරීමට හේතු වෙන සල්ෆර් සංයෝග අඩංගු වෙනව. එබැවින් සුදුළුණු ආහාරයට එකතු කිරීම තුලින් දේහය තුල ස්වභාවිකවම ආරක්ෂණ පද්ඩතියක් පිළිකාවට එරෙහිව ඇති වෙනව.

මල්ගෝවා



මල්ගෝවා විටමින් C බහුල ආහාරයක් වනව. විටමින් C යනු ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයකි. එබැවින් මල්ගෝවා ඔබගේ ආහාරයට එකතු කර ගැනීමෙන්ද පිළිකා අවදානම අඩු කර ගැනීමට හැකියාවක් පවතිනව.

තක්කාලි



තක්කාලි වල රත් පැහැයට හේතු රසායනිකය වන ලයිසොපින් (lycopene) ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වෙනව.එබැවින් ඔබගේ ආහාරයට තත්කාලී එක් කර ගැනීම තුලින් අපට හැකියාවක් පවතිනව පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇති වීමේ අවධානම අවම කර ගැනීමට.

ස්ට්‍රෝබෙරි


ස්ට්‍රෝබෙරි ද ප්‍රබල ප්‍රතිඔක්සිකාරක සංයෝග බහුලව අඩංගු වන ආහාරයක් වෙනව. මෙහි බහුල වශයෙන්ම පවතින්නේ විටමින් C සංයෝගයයි. එබැවින් ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීම තුලින් ද ඔබට පිළිකා වැළදීමේ අවධානම අඩු කර ගැනීමේ හැකියාවක් පවතිනවා.

කැරට්



කැරට්, විටමින් A හා β-කැරොටින් (β-carotene) නම් ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු ආහාරයක් වෙනව. එබැවින් කැරට් තම  ආහාර වේලට එක් කර ගැනීමෙන්ද පිළිකා වැළදීමේ අවධානම අඩු කර ගැනීමට හැකියාවක් පවතිනව. මුඛය, අන්නශ්‍රෝතය, අමාශය ආශ්‍රිතව ඇතිවන පිළිකා මර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී වෙනව.

මෙම ආහාර වලට අමතරව ප්‍රතිඔක්සිකාරක බහුලව අඩංගු පලතුරු ලෙස පේර, අඹ, මිදි, ඇපල් දක්වන්න පුළුවන්. එමෙන්ම ප්‍රතිඔක්සිකාරක බහුල එළවළු ලෙස බිට්රුට්,ගෝවා, සුරියකාන්ත අල දක්වන්න හැකිය.

මිට අමතරව අමතරව අපි අවධානය යොමු කල යුතු කරනා කිහිපයකුත් තිබෙනව. දුම් පානය කිරීම, පුවක් භාවිතා කිරීම වැනි සාධකත් පිළිකා ඇති වීමට හේතු ලෙස වෛද්‍ය පරීක්ෂණ වලින් පවා අනාවරණය වූ දෙයකි. මිට අමතරව විකිරණ වැනි හේතු සාධකත් පිළිකා ඇති වීම කෙරිහිබලපෑම් ඇති කල හැකිය. එමනිසා නිතරම තම සෞඛ්‍යයට මුල් තැන දී කටයුතු කිරීමටත්, ආහාර ලබා ගැනීමේදී ගුණදායි ආහාර ලබා ගැනීමටත් තමන් වග බල ගත යතුය.


  


EmoticonEmoticon