මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ....
යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නෙ.....
යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නෙ.....”
ඔබ මා ඉතා රසවිදින, අසා නොමැති කෙනක් සොයා ගන්නට පවා අපහසු, එඩ්වඩ් ජයකොඩි මහතාගේ මියුරු කටහඩින් ගැයෙන මෙම ගීතයහි නියම අරුත ඔබ දන්නවාද?
ඇත්තටම ස්වයන්වින්දනය වැරද්දක්ද? එය පිළිබද අපි කතා කල යුතුද? එය ඔබේ සෞඛ්‍යයට අයහපත්ද? මෙවැනි ප්‍රශ්ණ ගණනාවක් ඔබට තිබෙන්න පුළුවන්. තව කෙනෙකුට සිතෙන්න පුළුවන් මේ වගේ ලිංගිකත්වය ගැන දේ මෙවැනි මාද්‍යය තුලින් කතා කිරීම සුදුසු නැහැ කියල. අපිට වැරදුන තැන මෙතන කිවුවොත් මා නිවැරදි කියා මට සිතේ. අපේ රටේ ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, ලොව පුරා අංක 1 වැනි ස්ථාන හිමි කර දීමට තරම් දුරක් යන්නට හේතුව ලෙස මා ප්‍රධාන වශයෙන් දකින්නේ ලිංගිකත්වය ගැන ශ්‍රී ලාංකේය ජනයා තුල පවතින නොදැනුවත්කමයි. ඒ තුලින් අනවශ්‍යය ඇති විය නොයුතු කුතුහලයක්, වැරදි ආශාවන්, අත්හදාබැලීම් වැනි දේට සාමාන්‍ය මිනිසෙකු ගමන් කිරීම ස්වාභාවිකවම ඔවුන් තුලට පැමින්නෙනක් කියා මා හට සිතේ. කෙසේ වෙතත් එවැනි ක්‍රියා අනුමත කිරීමක් මා මෙහිදී පවසන්නේ නෑ. නමුත් අපේ රටේ පවතින මේ ගැටළු නිරකරණය කිරීමට නම් පාසල් අවදියේම දරුවන්ට් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බවයි මාගේ හැගීම.
දැන් අපි හැරෙමු අපේ අද මාතෘකාවට. ඇත්තටම ස්වයන්වින්දනය වැරද්දක්ද? මාගේ පිළිතුර නම් “ නෑ “ යන්නයි. ස්වයන්වින්දනය යනු “නව යොවුන් වියට පැමිණෙන නව යොවුන් තරුණ තරුණියන් ගේ ද්විත්යික ලිංගික ලක්ෂණ වර්දනය වීමත් සමග ඔවුන්ට ඇතිවෙන ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීමට රහසේම සිදුවන ලිංගික ක්‍රියාවක්” කියා හැදින්වුවොත් මා නිවරැදි යයි මා හට හැගේ.ස්වයන්වින්දනයේදී සිදුවන්නේ තම ලිංගික අවයවයන් ස්පර්ශ කිරීම තුලින් සුරාන්තයට පත්වීමයි. ඒ වගේම මෙය එක් පාර්ශවයකට පමණක් ඇතිවෙන තත්වයකුත් නෙමේ. නමුත් සමාජීය, සංසුකෘතික බලපෑම මත මෙය ස්ත්‍රී, පුරුෂයන් අතර විව්දත්වයක් දක්වන්න හැකියාවක් පවතිනව. නමුත් ඇත්ත වශයෙන්ම කියනව නම් මෙය වෛද්‍ය විද්‍යාවට අනුකුලව සාමාන්‍යය නිරෝගී මනුෂ්‍යකුට ඇති විය හැකි, ඇති වෙන තත්වයක්. සමීක්ෂණ වාර්තා වලට අනුව පෙනී යන කරුණක් තමයි පිරිමින්ගෙන් 90% ක්ද ගැහැණුන්ගෙන් 70% ක්ද යන සම්භාවිතාවක් ස්වයන්වින්දනය යෙදෙනවා යන්න.කාන්තාවන්ගේ මතයක් පවතිනවා ස්වයන්වින්දනය කිරීම තුලින් තම කන්‍යාභාවයට හානි වනවා කියා. ඒ වගේම සමහර කාන්තවන් ඔවුන්ට ස්වයන්වින්දය කල හැකි බව නොදනී. මෙවැනි වූ කාරණාත් සාමාජිය බලපෑමුත් හේතු කොට ගෙන තමා මෙම ප්‍රතිශතයන් දෙක අතර වෙනසක් දක්නට ලැබෙන්නෙ.
ස්වයන්වින්දනය වින්දනය තුලින් ඔබට සෞඛ්‍යයම වශයෙන් වාසි පවා පවතිනව කිවුවොත් ඔබ පුදුම වෙන්නත් පුළුවන්. ඔබගේ මනසේ පවතින ආතතියන් පහ කිරීමට ස්වයන්වින්දනය හේතු වනව.එය තුලින් ඔබට සුව නින්දක් ලබා ගැනීමට පහසු වෙනව. ඒ වගේම ස්වයන්වින්දනය වින්දනය උපකාරී වෙනව පුරහ්ථථීක ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇති වීමට ඇති හැකියාව අඩු කිරීමට.මෞත්‍ර ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව, රෝග වලට හේතු වන විෂ (Toxin) ඇති වීමට හැකියාවක් පවතිනව. ස්වයන්වින්දනය ඔබට උපකාරී වනව එම විෂ ද්‍රව්‍ය දේහයෙන් ඉවත් කිරීමට. ඒ වගේම ස්වයන්වින්දනය ඔබගේ දේහයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමටද බලපාන බවත් විද්‍යාත්මක පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා. ස්වයන්වින්දනයදී සිදුවන විසර්ජනයේදී කොටිසෝල් (cortisol) හෝමෝනය නිදහස් වනව. මෙය ආතතියට බලපාන හෝමෝනයක් නමුත් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමා ස්රාවය වෙන්නෙ. මෙය උපකාරී වෙනව ඔබගේ දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට. ඒ වගේම ස්වයන්වින්දය අනවශ්‍යය ගැබ් ගැනීම් පවා නවත්වාලීමට හේතුවක් වෙනව. බොහෝ දෙනෙකුට මෙය නොතේරෙන කාරණයක්. තමන් යුග දිවියකට පිවිසීමට පෙර තමන්ට කිසිදු ලිංගික අවශ්‍යතාවක් පැන නොනැගුනා යයි කෙනෙක් පවසනවා නම් එය විහිළුවකි. ඕනෑම පුද්ගලයකුට මෙවැනි අවශ්‍යතා ඇති වීම සාමාන්‍ය දෙයකි. එහිදී එම අවශ්‍යතාවයන් හානියක් නොවෙන්න සපුරාගැනීමට ස්වාභාවිකවම ඇති වුනු ක්‍රියාවලියක් ලෙස ද ස්වයන්වින්දය හැදින්විය හැකිය.මේ ආකාරයට ගත් කල ඔබට පවා පෙනී යනු ඇත මෙය බිය විය යුතු අමුතු කාරණාවක් නොවන බව. මෙය සම්බන්ද පවතින මිත්‍යා කතා වන ඇග කෙට්ටු වීම , ඇස් පෙනීම දුර්වල වීම වැනි කතා කිසිදු විද්‍යාත්මක පදනක් නොමැති දේය. අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නෙ ස්වයන්වින්දනය යනු හානියක් නොමැති ස්වභාවික ක්‍රියාවක් යන්නය.
ඔබගේ අදහස් දක්වන්නත් අමතක කරන්නත් එපා........
මේ වගේම තවත් වෙනස්ම මාතෘකාවක් යටතේ ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් මා අද ලිපිය නිම කරනව........

EmoticonEmoticon