Wednesday, January 13, 2016

Green Tea ගැන ඔබ නොදත් කරුණු

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුල ඉතා සීග්‍රයෙන් ප්‍රචලිත වුනු පානයක් ලෙස Green Tea පානය දැක්විය හැකිය. බොහෝ වෙලාවට අපි Green Tea ගැන දන්නේ වෙළද නම් වලින්. ඒ වගේම, ඒ පිළිබද අවබෝදයක් තියෙන්නෙත්  වෙළද ප්‍රචාරණ දැන්වීම් වල තිබෙන දේ ගැන  පමණයි. බොහෝ අය (විශේෂයෙන් කාන්තාවන්) Green Tea බාවිතා  කරන්නෙ  තම සිරුරේ හැඩය පවත්වා ගැනීමට. නමුත් ඔබ   නොදන්නා කරුණු රැසක්  මේ  Green Tea පානයත් සමග තිබෙනවා කිවුවොත් මා නිවැරදි.
මොකක්ද මේ Green Tea කියන්නෙ? Green Tea සදහා ලබා ගන්නෙත්, ඔයාල පානය කරන සාමාන්‍ය තේ කෝප්පයකට තේ ලබාගන්නා තේ ශාකයේ තේ පත්‍ර ම තමා (Camellia sinensis). එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් අපි බොන සාමාන්‍ය තේ කොප්පයකයි Green Tea Cup of Tea එකකයි වෙනස මොකක්ද ? කියල. ප්‍රශ්නෙට උත්තරේ තමා මෙම තේ වර්ග දෙක වෙනස් වෙන්නෙ ඒ කියන්නෙ Green Tea අනිත් තේ වලින් වෙනස් වෙන්නෙ එය නිපදවන ක්‍රියාවලිය මතයි.තේ කර්මාන්ත ශාලාවේදීඅනික් තේ නිපදවන ආකාරයට නෙමේ  Green Tea  නිපදවන්නේ.සරල වශයෙන් කියනවනම් තේ කොළ ඇබරීමෙන් පසු අනිත් තේ වර්ග නිෂ්පාදනයේදී  මෙන් ඇබරූ තේ පත්‍ර ඔක්සිකරණය (fermentation) වීමට කාලයක් Green Tea නිෂ්පාදනයේදී ලබා දෙන්නේ නෑ.කොහොම උනත් Green Tea නිෂ්පාදන ක්‍රියාවලිය ගැන විශාල වශයෙන් මන් අද කතා කිරීමට බලාපොරොත්තු වෙන් නැ. මොකද එය වෙනම කතාකලයුතු විශාල විෂය පරාසයක් නිසා. දැන් ඔයාලට දල වශයෙන් අවබෝදයක් ඇති සාමාන්‍යයෙන්  අපි බොන තේ කොප්පයකුයි Green Tea එකකුයි වෙනස් වෙන්නෙ කොහොමද කියන එක ගැන.
දැන් මන් ඔයාලට කියන්න යන්නෙ ඇයි අපි Green Tea බොන්නෙ කියන දේ ගැන. ඒ කියන්නෙ Green Tea පානය කිරීම තුලින් අපිට ඇති වෙන වාසි මොනවද කියල. Green Tea වලින් අපිට ලැබෙන වාසි වලට ප්‍රදාන වශයෙන් හේතු වෙන්නෙ තේ පත්‍ර තුල පවතින “Polyphenol” සහ “catechin සංයෝග වර්ගයි.

 සැහැල්ලු සිරුරකට 



 

“Green Tea ඔබගේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වේගය ඉහල නංවනව. ඒ වගේම Green Tea වල අඩංගු Polyphenols , ඔබේ සිරුරේ මේදය ඔක්සිකරණ මට්ටම සහ ඔබ ගන්නා අහාර, කැලරි වලට පරිවර්තනය කරන වේගය තීව්ර කිරීමට කටුයුතු කරවනව. ශරීරයේ ඇති මේදය (විශේෂයෙන් උදර ප්‍රදේශයේ)  අඩු කිරීමටද Green Tea හේතු වෙනව.එනම ඔබේ ශරීරයේ බර අඩු වීමට Green Tea හේතු වෙනව.නවතම පරීක්‍ෂණ වලින් හෙළි වී තිබෙන අන්දමට  Green Tea සමග ලුණු ස්වල්පයක් ගැනීම එහි ප්‍රතිපල ඉහල නැංවීමට හේතු වෙන බව පවසා තිබෙනවා (including research at Penn State's College of Agricultural Sciences).


දියවැඩියා පාලනයට



Green Tea, ඔබ ආහාර ගත් පසු රුදිර ග්ලූකෝස් මට්ටම ඉහල නැගීම මන්දගාමී කිරීම තුලින් රුදිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරනව. එමගින් ඉන්සියුලින් අදික කරල් භාවිතය හා එමගින් ඇති වෙන ලිපිඩ තැන්පත් වීම අඩු  කරනව.

  හෘද රෝග සදහා



Green Tea වල තිබෙන සංයෝග රුධිර නාල බිත්ති මත ක්‍රියා කරනව, එය රුධිර නාල ලිහිල්ව තබා ගැනීමට උපකාරී වන අතර ඒ තුලින් රුධිර පීඩන වෙනස් වීම් හොදින් දර ගැනීමට ඇති හැකියාව රුධිර නාල වලට ලැබෙනව. එමෙන්ම මෙමගින් රුධිර කැටි (cause to heart attacks) ඇතිවීමේ හැකියාවද අඩුකරනු ලබනව.

නිරෝගිමත් දත් පෙළක් සදහා 



Green Tea වලට බැක්ටීරියා මැරීමට හැකියාවක් තිබෙනව. එමෙන්ම Green Tea පානය කිරීම තුලින් ඔබගේ දන්ත සෞක්‍යය ඉහල නැංවීමටත්, දන්ත රෝග ඇතිවීමට ඇති අවදානමත් අඩු කරනු ලබනව. විද්‍යාත්මක පරීක්ෂණ වලින් ලැබුණු කරුණු අනුව පෙනී යන්නෙ Green Tea වලට බැක්ටීරියා මැරීමේ හැකියාවට අමතරව ඉන්ෆ්ලුවෙන්සා වැනි වෛරස වැලක්වීමට හැකියාවක් ඇතියි යන්නය. බොහෝ වෙලාවට මෙම කරනා වලට හේතු වන්නෙ Green Tea පවතින “catechin” කියන රසායනික සංයෝගයයි. ඒ වගේම දත් දිරායාමට හේතු වන බැක්ටීරියාවක් වන Streptococcus mutans වලක්වාලීමට හැකියාවක්ද Green Tea වල ඇති catechin සංයෝගයට පවතිනව. එනම් Green Tea පානය කිරීම ඔබේ දන්ත සෞක්‍යය හොදින් පවත්වා ගැනීමට ඉවහල් වෙනව.


    කොලෙස්ටරෝල් පාලනයට 



Green Tea රුධිරයේ පවතින අයහපත් කොලෙස්ටරෝල් අඩු කරන අතර රුධිරයේ යහපත් කොලෙස්ටරෝල්:අයහපත් කොලෙස්ටරෝල් අනුපාතය වැඩිදියුණු කරනු ලබනව.


Alzheimer’s and Parkinson’s රෝග සදහා



Green Tea ඔබේ මොලයේ සෛල මිය යාමට ඇති හැකියාව අඩු කරනු ලබන අතර හානි වූ සෛල නැවත පිහිටුවීමට උපකාරී වෙනව. Green Tea වල ඇති catechin සංයෝගය මෙහිදී වැඩි කාර්යබාරයක් ඉටු කරනව.

මොලයේ ක්‍රියාකාරිත්වයට 



Green Tea වල තියෙන සංයෝග වලට හැකියාවක් පවතිනව ඔබගේ මොලයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවන්නට. මෙයට හේතු වන ප්‍රදාන සංයෝගය වන්නේද catechin සංයෝගයයි. එයට හේතු වන්නේ එම සංයෝගය සතුව පවතින උත්තේජක (stimulant) ගුණයයි.

 අධික රුධිර පිඩනයට 


ඔබ දිනපතා Green Tea පානය කරන පුද්ගලයෙක් නම් ඔබට අධික රුධිර පීඩනය ඇති වීමේ අවදානම අඩු වෙනව.


විෂාදයට 


Theanin යනු ස්වාභාවිකවම තේ පත්‍ර වල පවතින ඇමයිනෝ අම්ල සංයෝගයකි.Green Tea පානය කිරීම තුලින් ඔබව නිස්කලංක වීමටත්, ඔබේ මනසට සැහැල්ලු බවක් දැනිමටත් හේතුව වන්නේ Green Tea වල මේ පවතින Theanin නම් සංයෝගයයි.


  මුව සත්කාර සදහා



Green Tea පානය ඔබට, ඔබේ මුහුණේ සමේ රැලි වැටීම් අඩු කිරීමටත් වයසට යාමේදී ඔබේ මුහුණේ ඇතිවෙන සලකුණු අඩු කිරීමටත් උපකාරී වනව. මේ සදහා හේතු වෙන්නෙ Green Tea වල පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය සහ ප්‍රතිදහන ක්‍රියාකාරකම් සදහා දක්වන දායකත්වයයි.සත්වයින් සහ මිනිසුන් යොදා ගනිමින් කරන අධ්‍යයන වලින් ලැබුණු ප්‍රතිපල අනුව පෙනී යන්නේ Green Tea පානය කිරීම, හිරු රශ්මිය මගින් ඔබේ සමට සිදුවන හානිය අවම කිරීමට හේතු වන බවයි.

පිළිකා අවදානම අඩු කිරීමට


Green Tea වල පවතින ප්‍රතිඔක්සිකාරක සංයෝග නිසා, ඔබ Green Tea භාවිතා කරන්නෙක් නම් ඔබට විවිධ වර්ග වල පිළිකා වැළදීමට ඇති අවදානම අඩු වෙනව. ශරීරය තුල සිදුවන ඔක්සිකාරක ප්‍රතික්‍රියා තමයි බහුල වශයෙන් පිළිකා ඇති වීමට දායක වෙන්නෙ. Green Tea කියන්නෙ ඉතා ප්‍රබල ප්‍රතිඔක්සිකාරක අඩංගු පානයක්. මෙම නිසා පානය තුලින් ඔබට පිළිකා ඇතිවීමේ අවදානම ඉතාමත් අඩු කරනු ලබනව. හැබැයි තේ සමග කිරි එකතු කරනවානම් එය මගී තේ වල පවතින ප්‍රතිඔක්සිකාරක ගුණය අඩු කරනු ලබනව, ඉතින් වඩාත් හොද ප්‍රතිපලයක් ලබා ගැනීමට නම් ඔබට සිදු වෙනව Green Tea කිරි නොයොදා පානය කිරීමට.

මොන හොද දෙයක් උනත් හැමෝම දන්න දෙයක් තමා “ඕනම දෙයක් ඕනවට වඩා ඕනේ නෑ” කියන දේ.Green Tea වලටත් මෙය අදාල වනව. මෙච්චර ප්‍රයෝජන තියෙනවා කියල Green Tea හැමවෙලේම බොන්න ගියොත් ඔයාලට වැඩේ වරදින්න පුළුවන්.අර කතාවටත් කියනවනේ වැඩි තණ්හාව හොද නෑ කියල.

Green Tea වලට හැකියාව පවතිනව ඔබේ සිරුරේ යකඩ අවශෝෂණය සහ ෆෝලික් අම්ල අවශෝෂණය අඩු කිරීමට. ඉතින් Green Tea පානය කිරීමට හොදම වෙලාව තමා ඔයාගේ කෑම වේල් දෙකක් අතර කාලය තුල ලබා ගැනීම. Green Tea කෑම වේලකට අඩංගු කර ගන්න එක නුවණට හුරු කාරණයක් නෙමේ යාලුවනෙ. කෑමෙන් පසු පැය 1-2 අතර Green Tea පානය කිරීම තුලින් ඔබේ පෝෂ්‍ය පදාර්ථ හොදින් අවශෝෂණය කර ගැනීමට ඇති හැකියාව අඩු වෙනව.


දිනකට තේ කෝප්ප 5ක් පමණ පානය කිරීමට  යෝග්‍යය බව තමා පරීක්‍ෂණ වලින් හෙළි වෙලා තිබෙන්නෙ.


comment එකක් දාලම යන්න යාලුවනෙ................. 


EmoticonEmoticon