Saturday, February 13, 2016

Dark Neck

ඔබගේ බෙල්ලත් කළු පැහැ ගැන්වෙනවද?

කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද මහත් පීඩාවක් ගෙන දෙන කාරණාවක් බවට බෙල්ලය පිටුපස කළු පැහැ ගැන්වීම පත් වී තිබෙනව. බෙල්ලය පිටු පස කළු පැහැ ගැන්වීමට විවිධ හේතු තිබෙනව. ඉන් ප්‍රධාන ඒවා ලෙස දියවැඩියාව, අවේණිකව පුද්ගලයාගෙන් පුද්ගලයාට හා තරබාරුකම දැක්විය හැකියි.  ඒ වගේම ශරීරයේ බෙල්ල ප්‍රදේශය අධික ලෙස හිරු රශ්මියට නිරාවරණය වීමත් මෙයට හේතු විය හැකිය. ඉතින් මේ කරදයෙන් බේරීමට ඔබට නිවසේදීම යොදාගත හැකි ස්වාභවික දෑ පවතිනව.

පිපිංඤ්ඤා

පිපිංඤ්ඤා වලට හැකියාව පවතිනව ඔබේ සම පිරිසුදු කර නැවත පැහැපත් බවක් සමට ලබා දීමට. සම මත ඇතිල්ලීම තුලින් සමේ මැරුණු සෛල ඉවත් කිරීමට හැකියාවක් පිපිංඣ්ඣ වලට සතු වනව.

  • අඹරා ගත් පිපිංඤ්ඤා හෝ පිපිංඤ්ඤා යුෂ බෙල්ලේ කළු පැහැ ගැන්වී ඇති තැන් වලට යොදන්න.
  • විනාඩි 15ක් පමණ තිබෙන්නට හැර ඉතා පරිස්සමින් අතුල්ලා ජලයෙන් සෝදා දමන්න.


දෙහි යුෂ

දෙහි වල අඩංගු සිට්ට්‍රික් අම්ලය , ස්වභාවික පැහැපත් කාරකයක් වනව. ඔබට සංවේදී සමක් පවතීනම්, තනුකකරණ  ලද දෙහි යුෂ භාවිතා කිරීමට ඔබට සිදු වෙනව.
  • Cotton ball එකක් ආධාරයෙන් දෙහි යුෂ ඔබගේ බෙල්ලේ පිටුපස ගලවන්න.
  • විනාඩි 10ත් 20ත් අතර කාලයක් එය තිබෙන්නට හැර ජලයෙන් සෝදා හරින්න.
  • හොදින් වග බලා  ගන්න දෙහි යුෂ ගැල්වූ පසු සුළු වෙලාවල් වනතෙක් හිරු රශ්මියට බෙල්ල නිරාවරනය නොවීමට.


මි පැණි සහ තත්කාලී

මි පැණි වලට ඔබේ සම පැහැපත් කිරීමට හැකියාවක් පවතිනව. ඒ වගේම එය ස්වභාවික තෙතමනකාරකයක් (moisturizer) ද වෙනව. තත්කාලී වල පවතින අම්ල වලට හැකියවක් පවතිනව ඔබේ සමේ කළු පැහැය ඉවත් කර සම පැහැපත් කිරීමට.
  • මී පැණි සහ තත්කාලී යුෂ හොදින් මිශ්‍ර කර බෙල්ලේ කළු පැහැ ගැන්වූ තැන් වල ගලවන්න.
  • මිශ්‍රණය ගල්වා විනාඩි   20ක් පමණ තිබෙන්නට හැර ජලයෙන් සෝදා දමන්න.
  • දිනපතා මෙය ගැල්වීම තුලින් ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් පවතිනව.


කෝමාරිකා

කෝමාරිකා යනු සමෙහි ස්වභාවික පැහැපත් කාරකයක් හා සමෙහි ස්වභාවික  තෙතමනකාරකයක්ය. කෝමාරිකාද බෙල්ලය පිටුපස කළු පැහැ ගැන්වීමට යොදාගත හැකි ප්‍රතිකාකයකි.
කෝමාරිකා වල ජෙලි ගතියකින් යුක්ත කෝමාරිකා යුෂය බෙල්ලෙහි කළු පැහැ ගැන්වී ඇති තැන් වල තවරන්න.
  • මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර ගැලවූ කෝමාරිකා සෝදා දමන්න.
  • දිනපතා කෝමාරිකා ගැල්වීම තුලින් වඩාත් වේගවත් ප්‍රතිඵල ලබා ගත හැකිය.


යෝගට්

යෝගට් වලට හැකියාවක් පවතිනව සම පිරිසිදු කිරීමට. ඒ වගේම එහි තිබෙන අඩු ආම්ලිකතාවයකින් යුකත අම්ල වලට හැකියාවක් පවතිනව සම පැහැපත් කිරීමට. ඒ වගේම යෝගට් සමේ තෙතමනකාරකයක් ලෙස යොදා ගැනීමට හැකියාවක් පවතිනව.
  • විනාඩි 10-15ත් අතර කාලයක් බෙල්ලේ කළු පැහැ ගැන්වී ඇති තැන් වල යෝගට් තවරා තිබෙන්නට හැර ජලයෙන් සෝදා දමන්න.


මේ කිසිදෙයක් කරත් වැඩක් නෑ තමන් තම පවිත්‍රතාවය පිලිබඳ සැලකිලිමත් වුනේ නැත්තම්. ඒ නිසා පිරිසිදු කම මුල්තැනට මුල්තැන දී මෙම ප්‍රතිකාරයන් වලට යෙදුනොත් ඔබට වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙනව.


EmoticonEmoticon