Thursday, February 18, 2016

Foods for Better Sex

ආහාර යනු ඔබ මා දිනපතා ගන්න දෛනික දෙයකි. එබැවින් ආහාර සතු ගුණාංග ඔබගේ සෞඛ්‍ය කෙරෙහි ඉතා ඍජුව බලපානව. ඔබ ගන්නා ඇතැම් ස්වභාවික ආහාර වලට හැකියාවක් පවතිනව ඔබගේ ලිංගික ශක්තිය නැතහොත් ලිංගික උත්තේජනය වැඩි කිරීමට. ලිංගිකව අවදියෙන් සිටිමට ප්‍රධාන වශයෙන් හේතු වන්නෙ ශරීරයේ රුධිර සංසරණයයි. ඔබ ගන්න ආහාර වල ප්‍රෝටීන වල ඇති ඇමයිනෝ අම්ල ඔබගේ ලිංගික ජවය පවත්වා ගැනීමට බෙහෙවින් උපකාරී වෙනව. මේ ලබා දී තිබෙන ආහාර වර්ග ඔබගේ ලිංගික ශක්තිය මෙන්ම තම යහපත් සෞඛ්‍ය සඳහාද මහත් ලෙස උපකාරී වනව.



ප්‍රධාන වශයෙන් ලිංගික ශක්තිය වැඩි කරන ආහාර ලෙස, ස්ට්‍රෝබෙරි, දෙළුම්, සෝයා, මාළු, බෙල්ලන්, සුදුළුණු, අලිගැටපේර දැක්විය හැකියි. ඔබ දන්නවාද මාළු වල omega-3 මේද අම්ලය පවතින බව. මෙම මේද අම්ලය තමයි ලිංගික හෝර්මෝන වල තැනුම් ඒකකය වන්නෙ. මිට අමතරව විටමින් B-12 බහුලව අඩංගු ආහාර ලබාගැනීමද ලිංගික ශක්තිය වැඩි වීමට හේතු වනව. මිට අමතරව පැණිකොමඩු හා මිදි යන ආහාරද ඔබගේ ලිංගික ශක්තිය වැඩි කිරීමට උපකාරී වනව. මිදි යනු බෝරෝන් අයන අධික ආහාරයකි. බෝරෝන් අයන උපකාරී වනව, ඊස්ට්‍රජන් හා ටෙස්ටෙස්ටෙරෝන් යන ලිංගික හෝර්මෝන වර්ග දෙකම නිපදවීම සදහා. ඊස්ට්‍රජන් හෝර්මෝනය හේතු වනව කාන්තාවන්ගේ ලිංගික ආශාව වැඩි කිරීමට. ඒ වගේම ටෙස්ටෙස්ටෙරෝන් හෝර්මෝනය හේතුවන කාන්තාවන්ගේ මෙන්ම පුරුශ්‍යන්ගේද  ලිංගික ශක්තිය වැඩි කිරීමට.

මේ වගේ ස්වභාවික ආහාර වලින් හැකියාව පවතිනව ඔබව නිරෝගිමත් ලිංගික සවිබලය තිබෙන කෙනෙක් බවට පත් කිරීමට. ඒ වගේම තමා මෙම ස්වභාවික ආහාර කොපමණ ගත්තත් වැඩක් වෙන් නෑ ඔබ ලිංගික ශක්තිය මද කරන ආහාර පරිබෝජනය කරනව නම්. ඒ පිළිබද තොරතුරු ඊලග ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නම්


EmoticonEmoticon