Saturday, February 27, 2016

Lose weight with ice

දේහයේ බර අයිස් වලින් අඩු කරගමු

ඔබ දන්නවාද ඔබ අයිස් ආහාරයට ගත් විට, අයිස් කියුබ් එකක් දහනය වීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණයට සමාන කැලරි ප්‍රමාණයක් දේහයේ දහනය වන බව. පුදුමයට පත්වෙන කරුණු වෙන්නෙ අයිස්, දේහයේ බර අඩු කිරීමට ඇති සුදුසුම ප්‍රධාන මෙවලමක් ලෙස යොදා ගැනීමට හැකි වීමයි.
විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් පෙන්වා දෙන කරුණ වන්නෙ අයිස් දේහයට ගැනීම තුලින් අපගේ දේහයේ මුලික පරිවෘතීය වේගය ඉහළ යන බවයි. මෙය සිදුවන්නෙ,ඔබ අයිස් ආහාරයට ගත්විට, ඔබගේ දේහයේ කැලරි දහනය වීම මෙන්ම හොඳ කැලරි දහනය වීම කියන ක්‍රියාවලි දෙකම ඔබට ලැබෙන නිසායි. ශීත කරන ලද ආහාර දේහයට ගත්විටද අපගේ දේහය එම ආහාර ජීරණය කිරීමේදී දේහ උෂ්ණත්වයට  එම ආහාර ගැනීමට අපගේ දේහයේම ශක්තිය භාවිතා කරනව. ඉතින් ඔබ අයිස් ලීටරයක පමණ අයිස් පරිබෝජනය කළහොත් ඔබගේ දේහයේ කැලරි 160ක් පමණ දහනය වනව. මෙම කැලරි ප්‍රමාණය  ප්‍රමාණය සමාන වනව ඔබ ඉතා මහන්සියෙන් සැතපුම් 1ක් දිවීමෙන් දහනය වන කැලරි ප්‍රමාණයට.

ඔබට දැන් ගැටළුවක් ඇතිවෙන්න පුළුවන් අයිස් ලීටර් 1ක් දිනකට ගැනීම සෞඛ්‍යයට හිතකරද කියල?  බිය වෙන්න එපා දිනකට අයිස් ලීටර් 1ක් ගැනීම ඔබගේ සෞඛ්‍යයට අහිතකර වෙන්නෙ නෑ. නමුත් එම ප්‍රමාණය ඉක්මවා යෑම ඔබගේ සෞඛ්‍යයට අහිතකරයි. ඉතා අධික ලෙස අයිස් ඔබගේ දේහයට ලබාගත හොත් ඔබගේ දේහයේ සමහර අවයව නිසියාකාරව ක්‍රියා කිරීම සිදු වන්නෙ නැතිවෙනව, දේහයේ උෂ්ණත්වය ගොඩක් පහල වැටිම හේතුවෙන්. ඒ වගේම කුඩා දරුවන් අයිස් භාවිතා කිරීමේදී ඔවුන්ගේ දේහ බරට අනුව අයිස් භාවිතා කල යුතු වෙනව. නැතහොත් එය ඔවුන්ගෙ මොලයට බලපෑම් ඇතිකළ හැකි වෙනව. බිය වෙන්න එපා ඉහත කරනා දුටු ගමන්, එවැනි දේ සිදු වන්නේ ඔබ ඉතා ඉක්මනින් බර අඩු කරගන්න කියල ඉතා විශාල අයිස් ප්‍රමානයක් දේහයට ගතහොත් පමණයි. ඒ වගේම කුඩා දරුවන්ගේ දේහය ගොඩක් සංවේදී බැවින් මෙවැනි ක්‍රම යෝග්‍යය වන්නේත් නෑ ඔවුන්ට. නිසියාකාරව මෙය සිදු කළහොත් ඔබට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකිවෙන බව ස්ථිරයි.

2 comments


EmoticonEmoticon