Showing posts with label Sex. Show all posts
Showing posts with label Sex. Show all posts

Monday, June 27, 2016

How to Use Female Condom


ලිංගික සංසර්ගයක් සිදු කිරීමේදී අනවශ ගැබ් ගැනීම් වලක්විමට බොහෝ දෙනා විවිධ උපත් පාලන ක්‍රම භාවිතා කරනව. මින් ප්‍රධාන ක්‍රම තමා උපත් පාලන පෙති, උපත් පාලන කොපු (condoms), ඒ වගේම ස්වභාවික ක්‍රමය.නමුත් ලිංගික රෝග වැළදීමෙන් ආරක්‍ෂා වීමත් සලකල බැලුවොත් වඩාත්ම සාර්ථක ක්‍රමය වන්නෙ condom භාවිතා කිරීමය. නමුත් බොහෝ දෙනා නොදන්නා කරුණක් තමා condom වර්ග දෙකක් තිබෙන බව.ඉතින් කාන්තාවකට වඩාත්ම සුදුසු මෙම කුමන වර්ගයද?

පුරුෂ උපත්පාලන කොපු මෙන්ම කාන්තා උපත් පාලන කොපු ද ගැබ් ගැනීමෙන් වැලකි සිටීමට උපකාරී වනව.නමුත් බොහෝ දෙනා දන්නෙ මෙය කෙසේද භාවිතා කරන්නෙ කියා.

උපත් පාලනය

සාර්ථක උපත් පාලනයක් හරි ලිංගික ආරක්ෂාව (safe sex) සලකල බැලුවොත් පිරිමි උපත් පාලන කොපු තමයි. විසදුම. නමුත් කාන්තා උපත් පාලන කොපු වලටද  ඒ වගේම හැකියාවක් මෙන්ම  භාවිතයේදී කාන්තාවට වඩාත් සුවපහසුවක් අත්කරදීමට හැකියාවක් පවතිනව.

මොකක්ද මේ කාන්තා උපත් පාලන කොපුවක් කියන්නෙ?

මෙම උපත් පාලන කොපුව කුඩා පොලිතින් උරයක් වැනිය. ඒ වගේම එය උපකාරී වනව ලිංගික බෝවන රෝග ඇති වීමේ අවදානම අඩු කිරීමටත්, අනවශ්‍ය ගැබ් ගැනීම වලක්විමටත්.

එයට මොන වගේ පෙනුමක්ද තියෙන්නෙ?


දෙපැත්තෙන්ම මුදු වැනි රවුම් දෙකක් පවතින කුඩා මල්ලකි. එහි එක මුදුවක් විවුර්තව පවතින විට අනික් පසෙහි ඇති මුදුව වැසි පවතිව. ලිංගික සංසර්ගයට පෙර එය ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුලත් කල යුත්තේ විවුර්ත පසෙහි ඇති මුදුව යෝනි විවරයෙන් පිටතට පවතින ලෙසය. එවිට යෝනිය ඇතුලත පවතින මුදුව මගින්, කුඩා මල්ල වැනි කොටසට ඉඩ ලබාදෙනවා සංසර්ගයේදී දේහයට අනුව හැඩගැසීමට.

කොහමද එය ක්‍රියා කරන්නෙ?

කාන්තා උපත් පාලන කොපු මඟින් උපකාරී වනව එය භාවිත කරන කාන්තාවට ලිංගිකව බෝවන රෝග වලින් ආරක්‍ෂා වීමට සහ අනවශ්‍ය දරු ගැබ් ගැනීම් වැලැක්වීම සදහාත්.

එය භාවිතා කරන්න පහසුද?

කාන්තා උපත් පාලන කොපු, පුරුෂ උපත් පාලන කොපු තරම් භාවිතා කිරීමට පහසු නැ. නමුත් කිහිප විටක් භාවිත කරන විට ඔබට එය ඉබේම පහසු වෙයි. අමුත්තක් දැනුනත් පළමුව භාවිතා කරන කිහිප විටක පසුව කාන්තා කොන්ඩම් භාවිතය ඉතාමත් පහසු බව ඔබටම හැගේවි.

සාර්ථකත්වය  

එය නිවැරදිව භාවිතා කරනව නම් කාන්තා උපත් පාලන කොපු තමයි අනවශ්‍ය ගැබ් ගැනීම වැලක්වීමට සාර්ථකම විසදුම. ඒවගේම එහි අසාර්ථක වීමේ ප්‍රතිශතය 5% කටත් වඩා අඩු මට්ටමකයි පවතින්නෙ. එය පුරුෂ කොපුවක 10% වැනි අගයක් ගන්නවාය.


Friday, March 18, 2016

HIV/AIDS

ඒඩ්ස් උවදුර (HIV/AIDS )

ලොවපුරා ඉතා කතාබහට ලක්වන නමුත් අප රට තුල වැඩි කතාබහක් නැති වුනත් අවදානමක් ඇති මාතෘකාවක් ලෙස HIV/AIDS නැතහොත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයෙන් සෑදෙන අත්පත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණ රෝගය දැක්විය හැකිය. මෙම සමාජ රෝගය අදවන විට ලෝකයට කොපමණ හිසරදයක්ද වී ඇත්ද කියනව නම් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන්, මිලයන 39.9 ක් මිනිසුන් HIV වෛරසයට ගොදුරු වී තිබෙනව. ඉන් මිලියන 2.6 ක් අවුරුදු 15 ට අඩු දරුවන් වනව. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට අවුරුද්දක් තුල ලෝක ජනගහනයෙන් මිලියන 2ක් පමණ HIV වෛරසයට අලුතින් ගොදුරු වනව. ඉතින් ඔබට පෙනෙනවා ඇති HIV/AIDS පිලිබඳ අවබෝදයක් ලබා සිටීම අද වන විට අත්‍යවශ්‍යය කරුණක් වී ඇති බව.

HIV  කියන්නෙ මොකක්ද?

HIV (Human Immunodeficiency Virus) කියන්නෙ මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයි. ඉතින් මෙම වෛරසය වැලදීමත් සමඟ ප්‍රතිකාර නොකළහොත් වන්නෙ AIDS (අත්පත් ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණ) නම් රෝගී තත්වය වැළදීමයි. මෙම වෛරසය අනෙකුත් වෛරස වලට වඩා වෙනස් අන්දමින් තමයි  ක්‍රියාකරන්නෙ. මනුෂ්‍ය දේහයට HIV වෛරසය අසාදනය වුවහොත් කිසිමදාක එය සම්පුර්ණයෙන්ම දේහයෙන් ඉවත් කිරීමට හැකියවක් ලැබෙන්නෙ නැත. ඉතින් ඔබට එය එක්වරක් වැළදුනොත්, ඔබට සිදුවෙනව ඔබගේ ජීවිතකාලය පුරාවටම ඔබගේ දේහය තුල එය රදවාගෙන සිටීමට.
HIV මඟින් ප්‍රහාරයට ලක්වන්නෙ දේහයේ ප්‍රතිශක්ති පද්ධතියයි, විශේෂයෙන්ම CD4 සෛලයි (T සෛල). එම සෛල දේහයේ ප්‍රතිශක්ති පද්ධතියට උපකාරී වනව ආසාදනයකදී ඊට එරෙහිව සටන් කිරීමට. වෛරස අසාධානයෙන් පසු දිගටම එම සෛල ප්‍රමාණය අඩුවීම සිදුවනවා. තවමත් HIV වෛරසයෙන් මිදීමට නිසි ප්‍රතිකාරයක් සොයාගැනීම ලෝකවාසීන්ට හැකියාවක් ලැබී නොමැත. නමුත් නිසිප්‍රතිකාර හමුවෙ හැකියාවක් පවතිනව එම වෛරසය පාලනය කිරීමට.
     

AIDS කියන්නෙ මොකක්ද?

AIDS (Acquired Immunodeficiency Syndrome) යනු HIV වෛරස ආසාදනයේ අවසාන අවධියයි. HIV වෛරසය වැළදීමෙන් පසු, රුධිර ඝණ මිලිමීටරයක T සෛල 200 ට වඩා අඩුවේ නම් දේහය AIDS රෝගයට ගොදුරු වී ඇත. සාමාන්‍යයෙන් නීරෝගී පුද්ගලයකුගේ  T සෛල 500ත් 1600ත් අතර ප්‍රමාණයක් රුධිර ඝණ මිලිමීටරයක පවතිනව. AIDS  රෝගය වැළදී ඇතිබව සොයාගෙන නමුත් ප්‍රතිකාර නොකර පුද්ගලයෙකුට ජිවත් වීමට හැකියාවක් පවතින්නේ උපරිම අවුරුදු 3ක් පමණය. නමුත් දරුනුලෙස රෝගය වැළදී තිබුනොත් එම කාලය අවුරුද්දකට පමණ සීමාවෙනවා. AIDS වැළදුනු පුද්ගලයකුට මරණයෙන් ගැලවීමට නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වෙනව.

කොහෙන්ද HIV වෛරසය ආවේ?


විද්‍යාඥයන් හඳුනාගෙන තිබෙන අන්දමට මෙම වෛරසයේ මුලාශ්‍රය වන්නෙ මධ්යම අප්‍රිකාවේ ජිවත් වෙන චින්පන්චින් විශේෂයකි. ඔවුන්ගේ මතයට අනුව දැක්වෙන්නේ මිනිසුන් මෙම සත්වයන් දඩයම් කොට ඔවුන්ගේ මස් ආහාරයට ගැනීම තුලින්  එම පුද්ගලයන්ගේ රුධිරයට මෙම HIV වෛරසය අසාධනය වන්නට ඇතිබවයි.  අධ්‍යන වලට අනුව පෙනී යන්නෙ මෙම වෛරසය වඳුරන්ගෙන් මනුෂ්‍යන්ට පැමිණෙන්නට ඇත්තේ 1800 වකවානුවේ දී කියාය. දශක ගණනාවක් මෙම වෛරසය අප්‍රිකාව පුරාත් ඉන්පසුව ලෝකයේ අනෙක් පෙදෙස් වලටත් සෙමින් පැතිර ගොස් ඇත.

Thursday, March 3, 2016

Happy Women

කාන්තාවකගේ දේහයේ සංවේදීම ස්ථාන 10


ලිංගික සැබදියාවකදී ඕනෑම පුරුෂයකුට අවශ්‍ය වන්නෙ තම සහකාරියට උපරිම තෘප්තියක් ලබාදීමටයි. නමුත් බොහෝ දෙනාට නිසි අවබෝදයක් නෑ කොහොමද ඒ තත්වයට, තම සහකාරියව  ලඟා කරගන්නෙ කියන දේ පිලිබදව. ඔබ දන්නවාද කාන්තාවකගෙ ශරීරයෙ මද ජනක(සංවේදී) ස්ථාන 10ක් තිබෙන බව. මෙම ස්ථාන ස්පර්ශ කිරීමෙන් හා උත්තේජනය කිරීමෙන් ඔබට හැකියාවක් පවතිනව ඇය හට උපරිම තෘප්තියක් ලබා දීමට.

මෙම ස්ථාන ස්නායු බහුල ස්ථාන නිසා තමා මෙතරම් සංවේදී වී ඇත්තෙ. ඉතින් ඔබ ලිංගිකව එකතුවිමේදී මෙම ස්ථාන සියුම් ලෙස ඇගිලි තුඩු වලින් පිරිමැදීමෙන්, සිපගැනීමෙන් ඇය මහත් සේ ඔබේ ග්‍රහණයට ලගා කරගනු හැක. එම ස්ථාන 10 මෙසේය, හිස, කණ (කන් වල පිටුපස ඉතාම සංවේදී ස්ථානයකි), දෙතොල්, බෙල්ල, ඇගේ තනපුඩු, ඇගෙ පිටේ යට ප්‍රදේශය, යටිබඩ, "Clitoris" භගමනිය (භගමනිය යනු ඉතා සංවේදී ස්ථානයකි. මොකද එතැන් ඉතා විශාල ස්නායු සංඛ්‍යයාවක් කුඩා ස්ථානයකට එකතු වෙන නිසාය. සමහර කාන්තාවන්ට මෙම ස්ථානය ඇගිලි වලින් පිරි මැදීම මදක් අපහසු විය හැකි. නමුත් මෙම ස්ථානය සියුම්ව සම්භාහනය කිරීමෙන් ඇයව ඉතා ඉහල තෘප්තියකට ගෙන යා හැකිය. අවුරුදු 18 ට වැඩි අය පමණක් ඉහත "clitoris" වචනය මත click කිරීමෙන් නිවැරදිව එම ස්ථානය හදුනා ගැනීමට අවශ්‍ය පින්තුරය නැරඹිය හැකිය), කලව ඇතුල් ප්‍රදේශය, ඇගේ දෙපා.

මෙම ප්‍රදේශ තමා කාන්තාවකගෙ දේහය ඉතාම සංවේදී ස්ථාන 10ය වන්නෙ. ඔබත් උත්සහ කරලම ඉතා හොද ප්‍රතිපල ලැබේවි නිසැකයෙන්ම.

Thursday, February 18, 2016

Foods for Better Sex

ආහාර යනු ඔබ මා දිනපතා ගන්න දෛනික දෙයකි. එබැවින් ආහාර සතු ගුණාංග ඔබගේ සෞඛ්‍ය කෙරෙහි ඉතා ඍජුව බලපානව. ඔබ ගන්නා ඇතැම් ස්වභාවික ආහාර වලට හැකියාවක් පවතිනව ඔබගේ ලිංගික ශක්තිය නැතහොත් ලිංගික උත්තේජනය වැඩි කිරීමට. ලිංගිකව අවදියෙන් සිටිමට ප්‍රධාන වශයෙන් හේතු වන්නෙ ශරීරයේ රුධිර සංසරණයයි. ඔබ ගන්න ආහාර වල ප්‍රෝටීන වල ඇති ඇමයිනෝ අම්ල ඔබගේ ලිංගික ජවය පවත්වා ගැනීමට බෙහෙවින් උපකාරී වෙනව. මේ ලබා දී තිබෙන ආහාර වර්ග ඔබගේ ලිංගික ශක්තිය මෙන්ම තම යහපත් සෞඛ්‍ය සඳහාද මහත් ලෙස උපකාරී වනව.



ප්‍රධාන වශයෙන් ලිංගික ශක්තිය වැඩි කරන ආහාර ලෙස, ස්ට්‍රෝබෙරි, දෙළුම්, සෝයා, මාළු, බෙල්ලන්, සුදුළුණු, අලිගැටපේර දැක්විය හැකියි. ඔබ දන්නවාද මාළු වල omega-3 මේද අම්ලය පවතින බව. මෙම මේද අම්ලය තමයි ලිංගික හෝර්මෝන වල තැනුම් ඒකකය වන්නෙ. මිට අමතරව විටමින් B-12 බහුලව අඩංගු ආහාර ලබාගැනීමද ලිංගික ශක්තිය වැඩි වීමට හේතු වනව. මිට අමතරව පැණිකොමඩු හා මිදි යන ආහාරද ඔබගේ ලිංගික ශක්තිය වැඩි කිරීමට උපකාරී වනව. මිදි යනු බෝරෝන් අයන අධික ආහාරයකි. බෝරෝන් අයන උපකාරී වනව, ඊස්ට්‍රජන් හා ටෙස්ටෙස්ටෙරෝන් යන ලිංගික හෝර්මෝන වර්ග දෙකම නිපදවීම සදහා. ඊස්ට්‍රජන් හෝර්මෝනය හේතු වනව කාන්තාවන්ගේ ලිංගික ආශාව වැඩි කිරීමට. ඒ වගේම ටෙස්ටෙස්ටෙරෝන් හෝර්මෝනය හේතුවන කාන්තාවන්ගේ මෙන්ම පුරුශ්‍යන්ගේද  ලිංගික ශක්තිය වැඩි කිරීමට.

මේ වගේ ස්වභාවික ආහාර වලින් හැකියාව පවතිනව ඔබව නිරෝගිමත් ලිංගික සවිබලය තිබෙන කෙනෙක් බවට පත් කිරීමට. ඒ වගේම තමා මෙම ස්වභාවික ආහාර කොපමණ ගත්තත් වැඩක් වෙන් නෑ ඔබ ලිංගික ශක්තිය මද කරන ආහාර පරිබෝජනය කරනව නම්. ඒ පිළිබද තොරතුරු ඊලග ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නම්

Tuesday, January 26, 2016

ස්වයන්වින්දනය වැරද්දක්ද?

“සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ.....
මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බදින රෑ....
යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නෙ.....
යට ලීයෙන් නාරි ලතා මල් පුදින්නෙ.....”

ඔබ මා ඉතා රසවිදින, අසා නොමැති කෙනක් සොයා ගන්නට පවා අපහසු, එඩ්වඩ් ජයකොඩි මහතාගේ මියුරු කටහඩින් ගැයෙන මෙම ගීතයහි නියම අරුත ඔබ දන්නවාද?

ඇත්තටම ස්වයන්වින්දනය වැරද්දක්ද? එය පිළිබද අපි කතා කල යුතුද? එය ඔබේ සෞඛ්‍යයට අයහපත්ද? මෙවැනි ප්‍රශ්ණ ගණනාවක් ඔබට තිබෙන්න පුළුවන්. තව කෙනෙකුට සිතෙන්න පුළුවන් මේ වගේ ලිංගිකත්වය ගැන දේ මෙවැනි මාද්‍යය තුලින් කතා කිරීම සුදුසු නැහැ කියල. අපිට වැරදුන තැන මෙතන කිවුවොත් මා නිවැරදි කියා මට සිතේ. අපේ රටේ ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, ලොව පුරා අංක 1 වැනි ස්ථාන හිමි කර දීමට තරම් දුරක් යන්නට හේතුව ලෙස මා ප්‍රධාන වශයෙන් දකින්නේ ලිංගිකත්වය ගැන ශ්‍රී ලාංකේය ජනයා තුල පවතින නොදැනුවත්කමයි. ඒ තුලින් අනවශ්‍යය ඇති විය නොයුතු කුතුහලයක්, වැරදි ආශාවන්, අත්හදාබැලීම් වැනි දේට සාමාන්‍ය මිනිසෙකු ගමන් කිරීම ස්වාභාවිකවම ඔවුන් තුලට පැමින්නෙනක් කියා මා හට සිතේ.  කෙසේ වෙතත් එවැනි ක්‍රියා අනුමත කිරීමක් මා මෙහිදී පවසන්නේ නෑ. නමුත් අපේ රටේ පවතින මේ ගැටළු නිරකරණය කිරීමට නම් පාසල් අවදියේම දරුවන්ට් නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බවයි මාගේ හැගීම.


දැන් අපි හැරෙමු අපේ අද මාතෘකාවට. ඇත්තටම ස්වයන්වින්දනය වැරද්දක්ද? මාගේ පිළිතුර නම් “ නෑ “ යන්නයි. ස්වයන්වින්දනය යනු “නව යොවුන් වියට පැමිණෙන නව යොවුන් තරුණ තරුණියන් ගේ ද්විත්යික ලිංගික ලක්‍ෂණ වර්දනය වීමත් සමග ඔවුන්ට ඇතිවෙන ලිංගික ආශාවන් තෘප්තිමත් කර ගැනීමට රහසේම සිදුවන ලිංගික ක්‍රියාවක්” කියා හැදින්වුවොත් මා නිවරැදි යයි මා හට හැගේ.ස්වයන්වින්දනයේදී සිදුවන්නේ තම ලිංගික අවයවයන් ස්පර්ශ කිරීම තුලින් සුරාන්තයට පත්වීමයි. ඒ වගේම මෙය එක් පාර්ශවයකට පමණක් ඇතිවෙන තත්වයකුත් නෙමේ. නමුත් සමාජීය, සංසුකෘතික බලපෑම මත මෙය ස්ත්‍රී, පුරුෂයන් අතර විව්දත්වයක් දක්වන්න හැකියාවක් පවතිනව. නමුත් ඇත්ත වශයෙන්ම කියනව නම් මෙය වෛද්‍ය විද්‍යාවට අනුකුලව සාමාන්‍යය නිරෝගී මනුෂ්‍යකුට ඇති විය හැකි, ඇති වෙන තත්වයක්. සමීක්ෂණ වාර්තා වලට අනුව පෙනී යන කරුණක් තමයි පිරිමින්ගෙන් 90% ක්ද ගැහැණුන්ගෙන් 70% ක්ද යන සම්භාවිතාවක් ස්වයන්වින්දනය යෙදෙනවා යන්න.කාන්තාවන්ගේ මතයක් පවතිනවා ස්වයන්වින්දනය කිරීම තුලින් තම කන්‍යාභාවයට හානි වනවා කියා. ඒ වගේම සමහර කාන්තවන් ඔවුන්ට ස්වයන්වින්දය කල හැකි බව නොදනී. මෙවැනි වූ කාරණාත් සාමාජිය බලපෑමුත් හේතු කොට ගෙන තමා මෙම ප්‍රතිශතයන් දෙක අතර වෙනසක් දක්නට ලැබෙන්නෙ.

විද්‍යාත්මකව ගත් කල ස්වයනවින්දනය යනු වැරදි කරුණක් නෙමේ. නමුත් පුද්ගලයගෙන් පුද්ගලයට මෙය පිළිබද දරන ආකල්ප වෙනස් වන්නට පුළුවන්. බොහෝ අයට පවතින ගැටළු තමයි කොපමණ වරක් දිනකට ස්වයන්වින්දනය කල හැකිද ? අනවශ්‍ය ලෙස ස්වයන්වින්දනය කලහොත් හානි වෙනවාද කියන ගැටළු. විද්‍යානුකුලව නම් එහෙම කිසිම ගැටළුවක් නැහැ. ඇත්තටම එය ඔබගේ තීරණයක් ඔබ එම ක්‍රියාව කොපමණ කරනවද කියා.  නමුත් ගැටලුව පැමිණෙන්නෙ ශාරීරික පැත්තෙන් නොවේ. සමාජීය හා මානසික පැත්තෙන්.මොකද  ඔබ විවාහකයෙක් නම් ඔබ අනවශ්‍ය ලෙස ස්වයන්වින්දනය කිරීමට පෙළබීම තුලින් ඔබ සහ  ඔබගේ සහකරු හෝ සහකාරිය සමග පවතින ලිංගික සම්බන්ධතාවයට ගැටළු පැන නැගිය හැකිය. මෙය ඔබගේ පවුල් ජීවිතයට පවා  බලපෑම් කල හැකි ප්‍රශ්නයක් විය හැක. මෙවැනි තත්වයක් පැන නැගුණොත්, ඔබට එය පාලනය කර ගත නොහැකි මට්ටමට දිව ගියොත් මාගේ උපදෙස නම් ඔබ වෛද්‍ය උපදෙස් යොමු වීම සිදු කල යුතු යන්නයි.

ස්වයන්වින්දනය වින්දනය තුලින් ඔබට සෞඛ්‍යයම වශයෙන් වාසි පවා පවතිනව කිවුවොත් ඔබ පුදුම වෙන්නත් පුළුවන්. ඔබගේ මනසේ පවතින ආතතියන් පහ කිරීමට ස්වයන්වින්දනය හේතු වනව.එය තුලින් ඔබට සුව නින්දක් ලබා ගැනීමට පහසු වෙනව. ඒ වගේම ස්වයන්වින්දනය වින්දනය උපකාරී වෙනව පුරහ්ථථීක ග්‍රන්ථිය ආශ්‍රිතව පිළිකා ඇති වීමට ඇති හැකියාව අඩු කිරීමට.මෞත්‍ර ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව, රෝග වලට හේතු වන විෂ (Toxin) ඇති වීමට හැකියාවක් පවතිනව. ස්වයන්වින්දනය ඔබට උපකාරී වනව එම විෂ ද්‍රව්‍ය දේහයෙන් ඉවත් කිරීමට. ඒ වගේම ස්වයන්වින්දනය ඔබගේ දේහයේ ප්‍රතිශක්තිකරණය වැඩි කිරීමටද බලපාන බවත් විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් සොයාගෙන තිබෙනවා. ස්වයන්වින්දනයදී සිදුවන විසර්ජනයේදී කොටිසෝල් (cortisol) හෝමෝනය නිදහස් වනව. මෙය ආතතියට බලපාන හෝමෝනයක් නමුත් ඉතාමත් සුළු ප්‍රමාණයක් තමා ස්‍රාවය වෙන්නෙ. මෙය උපකාරී වෙනව ඔබගේ දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට. ඒ වගේම ස්වයන්වින්දය අනවශ්‍යය ගැබ් ගැනීම් පවා නවත්වාලීමට හේතුවක් වෙනව. බොහෝ දෙනෙකුට මෙය නොතේරෙන කාරණයක්. තමන් යුග දිවියකට පිවිසීමට පෙර තමන්ට කිසිදු ලිංගික අවශ්‍යතාවක් පැන නොනැගුනා යයි කෙනෙක් පවසනවා නම් එය විහිළුවකි. ඕනෑම පුද්ගලයකුට මෙවැනි අවශ්‍යතා ඇති වීම සාමාන්‍ය දෙයකි. එහිදී එම අවශ්‍යතාවයන් හානියක් නොවෙන්න සපුරාගැනීමට ස්වාභාවිකවම ඇති වුනු ක්‍රියාවලියක් ලෙස ද ස්වයන්වින්දය හැදින්විය හැකිය.

මේ ආකාරයට ගත් කල ඔබට පවා පෙනී යනු ඇත මෙය බිය විය යුතු අමුතු කාරණාවක් නොවන බව. මෙය සම්බන්ද පවතින මිත්‍යා කතා වන ඇග කෙට්ටු වීම , ඇස් පෙනීම දුර්වල වීම වැනි කතා කිසිදු විද්‍යාත්මක පදනක් නොමැති දේය. අවසාන වශයෙන් පවසන්නට තිබෙන්නෙ ස්වයන්වින්දනය යනු හානියක් නොමැති ස්වභාවික ක්‍රියාවක් යන්නය.
  
ඔබගේ අදහස් දක්වන්නත් අමතක කරන්නත් එපා........ 



මේ වගේම තවත් වෙනස්ම මාතෘකාවක් යටතේ  ඔබ හමුවෙන  බලාපොරොත්තුවෙන් මා අද ලිපිය නිම කරනව........

5 Things woman should know before going to 1st time sex



ඔබ කාන්තාවක් නම් ඔබේ පළමු ලිංගික එක්වීමේදී හෝ නව පුරුෂයකු සමග එක් වෙන පළමු ලිංගික ඇසුරේදී සැලකිලිමත් විය යුතු කරුණු 

කාන්තාවක් නම් ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කරුණු කිහිපයකි මෙය. ඔබ මෙම කරුණු අනුගමය කල හොත් ඔබගේ ප්‍රථම මංගල රාත්‍රිය අමතක නොවන රාත්‍රියක් කර ගැනීමටත් ඔබ ලිංගිකව ඇසුරු කරන විට එය වේදනාවක් නොවී, එහි උපරිම තෘප්තියට ලගාවීමටත්  විය හැකි බව ඔබටම තේරේවි..

1. ඕනෑම දෙයක් කිරීමට ප්‍රථමයෙන් ආරක්ෂාව ගැන සැලකිල්මත් වෙන එක සාමාන්‍ය දෙයක් නෙ. ඒක ඔබගේ ලිංගික එක්වීමේදීත් අදාලයි ,ආරක්ෂාව ප්‍රථමයෙන්.ඇත්තම කතා කලොත් අපිට 100% ආරක්ෂාකාරී ලිංගික එක් වීමක් බලාපොරොත්තු විය නොහැකිය.නමුත් ආරක්ෂා විය යුතු සැලකිල්මත් විය යුතු කරුණුත් තිබෙනවා. පළමුව ඔබට දරු ගැබක් අවශ්‍ය නොවේ නම් ඔබ සැලකිල්මත් විය යුතුයි පිරිමි තැනැත්තා ලිංගික ආවරණයක් ( condom ) පැලද සිටිනවාද යන්න ( ඔබ උපත් පාලන පෙති ලබා ගෙන ඇති විටදී පවා ).ඒ වගේම අනිවාර්යෙන්ම ඔබ එම පුද්ගලයා සමග ඔහුගේ ලිංගක ඉතිහාසය පිළිබද කතා කිරීමටත් එය පිළිබද නිසි අවබෝදයෙන් සිටීමටත් වග බලා ගැනීම අනිවාර්ය වේ.මෙයින් පෙනී යන්නේ එම පුද්ගලයා ඉතාමත් විශ්වාසවන්ත පුද්ගලයකු විය යුතු බවයි.මෙය සමහරවිට ඉතා අපහසු දෙයක් කියල ඔබට සිතෙන්න පුළුවන්. නමුත් ඔබ දැන ගත යුතු කරුණක් තියෙනව .එනම්, විෂමලිංගික කාන්තවන්ට ,පුරුෂයන්ට වඩා ලිංගාශ්‍රිතව බෝවන රෝග ( ලිංගිකව අසාදනය වන රෝග ) වැලදීමේ වැඩි අවදානමක් පවතිනව .ඉතින් ඒ නිසා ඔබගේ ලිංගික සෞක්‍ය නිසියාකාරව පවත්වාගෙන යාමටත් එහි නිසි පළ නෙලා ගැනීමේ වගකීමත් තිබෙන්නෙ ඔබේ අතේ කිවුවොත් නිවැරදි.


2. ඉහල බලාපොරොත්තු මුලින්ම ඇති කර ගන්නත් එපා.මොකද ලිංගිකත්වය කියන්නෙ පුද්ගලයන් දෙදෙනෙකු හදුනා ගැනීම සහ ඔවුන් දෙදෙනාගේ ශරීර අතර සුවපහසු සමබන්දතා පැවැත්වීමයි.කෙට්යෙන්ම කියුවොත් එක පුද්ගලයෙක්ගෙ ශරීරයක ඇසුරට විශේෂයෙන් කැමති වීම. ඉතින් මනසෙ පීඩනයක් හදා ගන්න එපා මෙය ඔබගේ හොදම රාත්‍රිය (ලිංගික එක් වීම) කරගන්න ඕන කියලා.මොකද මෙය ඔබේ පටන්ගැන්ම පමනයි එනම් ගොඩකින් පළමු අවස්ථාවයි.ඉති දෙදෙනා ඉතා හොදින් හදුනා ගැනීම තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ.

 3. ලිංගිකව එක් වීමේදී හොදින් හුස්ම ගත යුතයි .මොකද ඔබේ පළමු ලිංගික ඇසුර ඉතා නොසන්සුන්කාරී හා ස්නායු-බිදිය හැක, සදහන් කරන්න තරම් දෙයක් නොවුනත් යාම තරමක වේදනාවක් දැනිම්ටත් හැකිය. දිගු , ගැබුරු හුස්ම ගැනීම තුලින් ඔබව ලිහිල් කිරීමටත් , ඔබට පහසුවක් දැනිමටත් හැකියාව ඇත.

 4. හාදු බුක්ති විදීමටත් අමතක කරන්න එපා.මොකද ඒ සංසර්ගයේදී. -සිප ගැනීම, ස්පර්ශ කිරීම, මුඛ සංසර්ගය - යන මේවත් ලිංගික අත්දැකිමේම කොටස් වෙන නිසා.මොකද එය විනවිද යාම පමණක් නොවන නිසා.

 5. නිතරම ඔහුත් සමග කතා කරන්න. ඔහුට කියන්න ඔහු කල හොද හා ඔබට දැනෙන විදිය.ඒ වගේම නොදැනෙන දේත් ඔහුට දැනුම් දෙන්න.මොකද පිරිම කෙනා හැම වෙලේම කැමති ප්‍රතිචාර වලට ඔබෙන් ලැබෙන.ඒ නිසා ඒ පිළිබද ඔහුත් සමග කතා කිරීමට ලජ්ජා වෙන්න එපා.
 මෙහි සදහන් දේට අමතරව ඉතා විශාල කරුණු රාශියක් තිබෙනවා ඔබ දැනගත යුතු මේ සමබන්දව .ඔබට අවශ්‍ය නම් ඉතා හොද සම්බන්දත්වයක් පවත්වා ගැනීමට ආරක්ෂාව,ආදරය,පිරිසිදු කම ඒ වගේම් අදහස් තේරුම් ගැනීම වගේ සාදකත් අදාල වෙනවා.